ලෝක ප්රකට වැනීසි චිත්රපට උළෙලේදී ප්රවීණ නිළි එලන් බර්ස්ටින්ට ඇයගේ කලා දිවියේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ‘ගෝල්ඩන් ලයන්’ ජීවිත කාලීන සම්මානය පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. මේ උත්සවයේදී මැගී ගිලන්හාල් අධ්යක්ෂණය කළ ‘ෆ්ලෙෂ් ඉම්පැක්ට්’ නම් කෙටි චිත්රපටය ප්රදර්ශනය කිරීමට නියමිත අතර, එහි ප්රධාන චරිතය නිරූපණය කරන්නේද එලන් බර්ස්ටින් විසින්මයි. හොලිවුඩයේ ජනප්රිය තරුවක් වන මැරිලින් මොන්රෝගේ උපතේ සියවස් සැමරුම වෙනුවෙන් නිර්මාණය වූ මෙම චිත්රපටයේ ඩැකෝටා ජොන්සන් සහ පීටර් සාස්ගාඩ් වැනි ප්රවීණයන්ද රංගනයෙන් දායක වෙනවා. මෙහිදී මොන්රෝගේ ජීවිතයේ අප නොදුටු පැතිකඩක් බර්ස්ටින් විසින් ඉතා අපූරුවට නිරූපණය කරන බවයි වාර්තා වෙන්නේ.
තම කලා දිවිය ගැන අදහස් දක්වමින් එලන් බර්ස්ටින් පවසා තිබුණේ, තමන් ආදරය කරනම නගරයකදී මෙවැනි ඉහළම ගෞරවයක් ලැබීම ගැන තමන් ඉමහත් සතුටට සහ කෘතඥතාවයට පත්වන බවයි. දශක ගණනාවක් පුරා සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය තුළ ඇය දැක්වූ දක්ෂතා වෙනුවෙන් ඔස්කාර්, ටෝනි සහ එමී සම්මාන රැසක් ඇය දිනාගෙන තිබෙනවා. ‘ද එක්සෝසිස්ට්’ වැනි අමරණීය චිත්රපට හරහා ලොවම දිනාගත් ඇය, අදටත් සිනමාවේ අතිදක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙනවා. සැප්තැම්බර් 2 සිට 12 දක්වා පැවැත්වෙන මෙම චිත්රපට උළෙලේදී ජෝර්ජ් ක්ලූනි හටද විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට නියමිතයි.

Discussion & Feedback