ලෝකයේ ප්රකට වැනීසිය සිනමා උළෙලේ ‘වැනීසිය ඉමර්සිව්’ (Venice Immersive) අංශය මෙවර සිය දස වැනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස සමරන්න සූදානම් වෙනවා. මේ වසරේදී රටවල් 26ක් නියෝජනය කරමින් නිර්මාණ 68ක් ප්රදර්ශනය කිරීමට නියමිතයි. විශේෂයෙන්ම හොලිවුඩයේ ජනප්රිය තරු වන මාගොට් රොබී, ඇන්ඩි සර්කිස් සහ ඕමාර් සයි වැනි ප්රබල චරිතවල දායකත්වය ලැබුණු නිර්මාණ රැසක් මෙහිදී දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇන්ඩි සර්කිස් අධ්යක්ෂණය කළ ‘නෙවාටාර්ස්’ සහ මාගොට් රොබීගේ හඬින් හැඩවුණු ‘ගලපගෝස්: ද ලාස්ට් ඊඩන්’ වැනි නිර්මාණ සිනමා ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.
මීට අමතරව, සංගීත ලෝකයේ අමරණීය තරුවක් වූ ඩේවිඩ් බෝවී වෙනුවෙන් නිර්මාණය කළ ‘බෝවී: අන්සීන් අන්හර්ඩ්’ වැනි අපූරු නිර්මාණත් මෙහිදී ප්රදර්ශනය කෙරෙනවා. දේශගුණික විපර්යාස නිසා අවතැන් වූවන් ගැන කියැවෙන ‘සොල්වාටා’ වාර්තා චිත්රපටයට මාර්ක් රෆලෝ සිය හඬ දායකත්වය ලබා දී තිබීමත් විශේෂත්වයක්. මෙම උළෙල සැප්තැම්බර් 2 වැනිදා සිට 12 වැනිදා දක්වා වැනීසියේ ලැසරෙටෝ වෙචියෝ දූපතේදී පැවැත්වෙනවා. එම්මි සම්මානලාභී කලාකරුවෙකු වන පෝල් රෆායෙල් ප්රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් මෙවර හොඳම නිර්මාණ තෝරාගැනීමට නියමිතයි. අති නවීන තාක්ෂණයෙන් සහ අත්දැකීම්වලින් පිරි මෙම සිනමා උළෙල සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.

Discussion & Feedback