වාහන ආදායම් බලපත්‍ර ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් ආරංචියක් තියෙනවා. ලබන සැප්තැම්බර් 25 වැනිදා ඉඳන් 28 වැනිදා දක්වා කාලය තුළ බස්නාහිර පළාත හැර අනෙක් සියලුම පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. මේ තීරණය අරගෙන තියෙන්නේ දැනට පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ (eRL 2.0) සිදුකරන්න නියමිත අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩිදියුණු කිරීම් කටයුතු කිහිපයක් නිසා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ දින කිහිපය තුළ පද්ධතියේ සිදුවන යාවත්කාලීන කිරීම් නිසා බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට හැර අනෙක් පළාත්වල අයට අන්තර්ජාලය හරහා හෝ වෙනත් ක්‍රමයකින් බලපත්‍ර ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ වාහනවල ආදායම් බලපත්‍ර කල් ඉකුත් වෙන්න ආසන්න නම්, මේ දිනවලදී ඇතිවෙන අපහසුතාව මගහරවා ගන්න කලින්ම ඒ කටයුතු සම්පූර්ණ කරගන්න කියලා බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
සැප්තැම්බර් 28 වැනිදා වන විට මේ තාක්ෂණික වැඩිදියුණු කිරීම් සියල්ල අවසන් කරලා, නැවතත් සාමාන්‍ය පරිදි දිවයින පුරාම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා. ඒ නිසා මේ දිනවලදී බලපත්‍ර ලබාගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ අපහසුතාවයක් ඇති වුණොත් ඒ ගැන කලබල වෙන්න එපා. පද්ධතිය යථා තත්ත්වයට පත් වුණාට පස්සේ ඔයාලට කිසිම බාධාවකින් තොරව ආයෙත් බලපත්‍ර ලබාගන්න පුළුවන් වෙනවා.

Discussion & Feedback