පසුගිය සැප්තැම්බර් 14 වැනිදා දකුණු ඇමරිකාවේ පිහිටි යුරෝපීය අභ්යවකාශ මධ්යස්ථානයෙන් ඉතා වැදගත් අභ්යවකාශ මෙහෙයුමක් සාර්ථකව දියත් වුණා. මෙහිදී වේගා සී (Vega C) රොකට්ටුවක් මගින් යුරෝපීය අභ්යවකාශ ඒජන්සියට අයත් FLEX සහ Copernicus-3C යන චන්ද්රිකා දෙක පෘථිවි කක්ෂයට යැවීමට පියවර ගත්තා. කිලෝමීටර් 820ක පමණ උසකින් මෙම චන්ද්රිකා දෙක සාර්ථකව කක්ෂගත කිරීමට විද්යාඥයින් සමත් වුණා.
මෙම මෙහෙයුමෙන් අභ්යවකාශගත කළ FLEX චන්ද්රිකාව විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ශාකවල ප්රභාසංශ්ලේෂණ ක්රියාවලිය නිරීක්ෂණය කිරීමටයි. මේ හරහා ගෝලීය කාබන් චක්රය තේරුම් ගැනීමටත්, කෘෂිකාර්මික කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමටත් විශාල දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම Sentinel-3C චන්ද්රිකාව මගින් පෘථිවියේ සාගර, ගොඩබිම, අයිස් තට්ටු සහ වායුගෝලය පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ලබා දෙනවා. මේ දත්ත කාලගුණ අනාවැකි සහ සාගර නිරීක්ෂණ කටයුතු සඳහා ඉතා වැදගත් වෙනවා.
මෙම රොකට් ගමන ඉතාලි සමාගමක් වන Avio ආයතනය විසින් මෙහෙයවනු ලැබූ අතර, එය අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සැලකෙනවා. දැනටමත් අභ්යවකාශයේ ක්රියාත්මක වන අනෙකුත් චන්ද්රිකා සමඟ එක්ව මෙම නව චන්ද්රිකා දෙක පෘථිවිය පිළිබඳ වඩාත් නිවැරදි සහ නවීන තොරතුරු ලෝකයට ලබා දෙනු ඇති බවයි විද්යාඥයින් පවසන්නේ.

Discussion & Feedback