මේ වසරේ පැවැත්වෙන හොලිෂෝට්ස් (HollyShorts) කෙටි චිත්රපට උළෙලේදී ජනප්රිය නිළි වැනේසා හජන්ස් හට ‘ලුමිනරි’ (Luminary) සම්මානය පිරිනැමීමට නියමිතයි. අගෝස්තු 13 වැනිදා ආරම්භ වන මෙම උළෙලේදී වැනේසාට අමතරව සැක් ක්රෙගර්, ලානා කොන්ඩෝර්, මිගෙල්, ඇලෙක්සැන්ඩ්රා ෂිප් සහ ජිම් කමින්ග්ස් වැනි ප්රවීණ කලාකරුවන් රැසක් ද විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට නියමිතව තිබෙනවා. කෙටි චිත්රපට ක්ෂේත්රයේ නිර්මාණශීලීත්වය සහ නවක දක්ෂතා ඇගයීම මෙම උළෙලේ ප්රධාන අරමුණයි.
මෙම සම්මාන උළෙල ගැන අදහස් දක්වමින් වැනේසා හජන්ස් පවසා සිටියේ කෙටි චිත්රපට හරහා මතු වන අලුත් නිර්මාණාත්මක අදහස්වලට සහයෝගය දැක්වීම තමන් සැමවිටම අගය කරන බවයි. එමෙන්ම, ‘බාබේරියන්’ චිත්රපටයේ අධ්යක්ෂ සැක් ක්රෙගර්ට ‘විෂනරි’ සම්මානයත්, ජිම් කමින්ග්ස්ට ‘ඔටර්’ සම්මානයත් හිමිවීමට නියමිතයි. ලානා කොන්ඩෝර් ‘රයිසින් ස්ටාර්’ සම්මානයෙන් පිදුම් ලබන අතර, ඇයගේ නවතම කෙටි චිත්රපටය වන ‘Get Her Back!’ ද මෙහිදී ප්රදර්ශනය කෙරෙනවා. ග්රැමී සම්මානලාභී ගායක මිගෙල්ට ‘මියුසික් විෂනරි’ සම්මානය හිමිවන අතර ඔහු උළෙලේ අවසන් දිනයේ විශේෂ සැසියකට ද සහභාගී වීමට නියමිතයි.
ලොස් ඇන්ජලීස් නුවරදී අගෝස්තු 13 සිට 23 දක්වා පැවැත්වෙන මෙම 22 වැනි හොලිෂෝට්ස් චිත්රපට උළෙල ඔස්කාර් සම්මාන සඳහා සුදුසුකම් ලබන උළෙලක් වීම විශේෂත්වයක්. TCL චයිනීස් තියටර් සහ ඕවේෂන් හොලිවුඩ් සංකීර්ණයේදී මෙම චිත්රපට උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනු ඇති අතර, ලොව පුරා සිටින සිනමා ලෝලීන්ට මෙවරත් අලුත් අත්දැකීම් රැසක් ලබාගන්න පුළුවන්.

Discussion & Feedback