ඇමරිකාවේ ප්‍රසිද්ධ චරිතයක් වන පැරිස් හිල්ටන් තමන් කුඩා කාලයේදී අමානුෂික ලෙස අපයෝජනයට ලක්වූ බවට චෝදනා කළ යූටා ප්‍රාන්තයේ පිහිටි බෝඩින් පාසලක බලපත්‍රය අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර අරන් තියෙනවා. ප්රෝවෝ කැන්යන් පාසලේ ස්ප්රින්ග්විල් මණ්ඩපය තුළ සිසුන්ට අනිසි ලෙස බලපෑම් කිරීම, ශාරීරික හිංසනය සහ නොසලකා හැරීම් වැනි බරපතල චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. මේ නිසා අගෝස්තු 6 වැනිදා වන විට එම පාසලේ සියලුම සේවාවන් නවත්වන්න කියලා බලධාරීන් නියෝග කරලා තියෙනවා.
තමන් අත්විඳි කටුක අත්දැකීම් ගැන වසර ගණනාවක් තිස්සේ හඬක් නැගූ පැරිස් හිල්ටන් පවසන්නේ, දශක ගණනාවක් පුරා දරුවන් විඳි පීඩාවන් වෙනුවෙන් අද යුක්තිය ඉටු වී ඇති බවයි. ඇය පවසන්නේ කිසිදු ආයතනයකට නීතියට ඉහළින් සිටිය නොහැකි බවත්, වින්දිතයන් නිහඬ නොවී කතා කිරීම නිසා මෙවැනි වෙනසක් සිදුවූ බවත්ය. පාසල් පාලනාධිකාරිය පවසන්නේ තමන් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ඇමරිකාවේ පෞද්ගලික තරුණ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින අක්‍රමිකතා පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

Discussion & Feedback