ලංකාවට භාණ්ඩ ගේනවා කියලා බොරුවට පෙන්වලා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් විදේශගත කරපු දැවැන්ත ජාවාරමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දවස්වල ලොකු පරීක්ෂණයක් කරනවා. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් කියන පුද්ගලයා සමාගම් 36ක් ලියාපදිංචි කරලා, ඒ හරහා බැංකු ගිණුම් පාවිච්චි කරලා තමයි මේ නීතිවිරෝධී වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ. ඇත්තටම භාණ්ඩ කිසිවක් ලංකාවට ගේන්නේ නැතුව, විදේශ රටවලට විශාල වශයෙන් මුදල් යවලා තියෙනවා. මේ ජාවාරමට උදව් කරපු ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක නිලධාරීන් සිව්දෙනෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන විදියට, මේ බැංකු නිලධාරීන් සතිපතා රුපියල් 30,000 සිට 100,000 දක්වා මුදල් අල්ලස් විදියට අරගෙන තියෙනවා. සමහර වෙලාවට එක නිලධාරියෙක් රුපියල් ලක්ෂයකට වඩා මුදල් අරගෙන තියෙන බවත් වාර්තා වෙනවා. මේ නිලධාරීන් බැංකු ගිණුම් ආරම්භ කරනකොට අදාළ සමාගම්වල ලියාපදිංචි සහතික හරියට පරීක්ෂා කරලා නැහැ. මේ මුදල් ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධද කියලත් දැන් පරීක්ෂණ සිද්ධ වෙනවා. සැකකාර බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරු කිව්වේ මේ අය සාමාන්‍ය සේවකයෝ නිසා මේ වගේ ලොකු වගකීමක් ඔවුන්ට පවරන්න බැහැ කියලා. ඒත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මේ අයව අගෝස්තු 20 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තියන්න නියෝග කළා.

Discussion & Feedback