ඇමරිකා එක්සත් ජනපදයට යන විදේශීය සිසුන්, හුවමාරු වැඩසටහන්වලට සම්බන්ධ වන පිරිස් සහ විදේශීය මාධ්‍යවේදීන් සඳහා වන වීසා නීති රීතිවල විශාල වෙනසක් සිදු කිරීමට එරට බලධාරීන් තීරණය කරලා තියෙනවා. මීට කලින් මේ අයට තමන්ගේ වැඩසටහන හෝ රැකියාව අවසන් වනතුරු ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලැබුණත්, අලුත් නීතියත් එක්ක ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ අනුව, දැන් ඔවුන්ට ඇමරිකාවේ රැඳී සිටිය හැකි කාලසීමාව නිශ්චිතවම සීමා කරලා තියෙනවා.
මේ අලුත් නීතියට අනුව, විදේශීය සිසුන්ට සහ හුවමාරු වැඩසටහන්වලට එන අයට උපරිම වශයෙන් වසර හතරක කාලයක් පමණයි ඇමරිකාවේ රැඳී සිටින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම, විදේශීය මාධ්‍යවේදීන්ට දින 240ක කාලයක් ලබා දෙන අතර, චීන ජාතික මාධ්‍යවේදීන් සඳහා ඒ කාලය දින 90කට සීමා කරලා තියෙනවා. යම් හෙයකින් මේ කාලසීමාවට වඩා වැඩි කාලයක් ඇමරිකාවේ ඉන්න අවශ්‍ය නම්, ඔවුන්ට නැවත වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කරන්න වෙනවා. එහෙම නැත්නම් රටින් පිටවෙලා නැවත ඇතුළුවීම සඳහා අවසර ගන්න සිද්ධ වෙනවා.
ඇමරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන විදිහට, මේ පියවර ගන්නේ එරටට පැමිණෙන විදේශිකයන් පිළිබඳව වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ අරමුණින්. විශේෂයෙන්ම මෑත කාලයේදී සිසුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විදේශිකයන් විශාල පිරිසක් ඇමරිකාවට පැමිණීම නිසා මේ තීරණය අරගෙන තියෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ආගමන විගමන ප්‍රතිපත්තියේ කොටසක් විදිහට ක්‍රියාත්මක වන මේ නීති මාලාව, ඉදිරි දින කිහිපය තුළදී නිල වශයෙන් බලාත්මක වීමට නියමිතයි.

Discussion & Feedback