සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ ලාරක් දූපතේ තිබුණු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදු බෝම්බ අටවන්නට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සූදානම් වෙමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල කළ බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරීන් පවසන්නේ. ලෝකයේ තෙල් ප්‍රවාහනයට ඉතාම වැදගත් මේ සමුද්‍ර සන්ධිය හරහා යන නැව්වලින් ඉරානය විශාල මුදලක් අය කරන බවටත් චෝදනා එල්ල වෙනවා.
මේ ප්‍රහාරයෙන් තමන්ගේ පාර්ශ්වයේ කිහිප දෙනෙක් මියගිය බවත් තුවාල ලැබූ බවත් ඉරානය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම මේක ඇමරිකාව කරපු මෝඩ වැඩක් කියලාත්, ඒ වෙනුවෙන් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවටත් ඔවුන් තර්ජනය කරනවා. ජනාධිපති ට්‍රම්ප් මීට කලින් අනතුරු අඟවලා තිබුණේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඕනෑම යාත්‍රාවක් විනාශ කරන බවයි. මේ වන විට මාස හයකට වඩා වැඩි කාලයක් තිස්සේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින මේ ගැටුම නිසා ලෝක වෙළඳපොළටත් විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අලුතින් පනවපු සම්බාධකත් එක්ක මේ තත්ත්වය තවත් උණුසුම් වෙමින් පවතින බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback