ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමරිකානු හමුදාව ඉරානය ඉලක්ක කරමින් අඛණ්ඩව හත්වන දිනටත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ඉරානයේ හමුදා ශක්තිය දුර්වල කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර සිදුකරන බව ඇමරිකානු මධ්‍යම විධානය පවසනවා. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන තෙල් ටැංකි දෙකක් පුපුරා ගිය බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කළ ප්‍රකාශය ඇමරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැනට පවතින උණුසුම්කාරී තත්ත්වය නිසා ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබීම ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් වෙලා තියෙනවා.
ප්‍රහාර මාලාව අතරතුර ඉරානය විසින් කුවේට්, බහරේන්, ජෝර්දාන් සහ සිරියාවේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට ඉරාන හමුදාව ප්‍රකාශ කළත්, ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත්, ඉරානයේ හෝර්මොස්ගාන් පළාතේ පාලම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති බවත්, ඉන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙනවා. නමුත් ඇමරිකාව පවසන්නේ තමන් ප්‍රහාර එල්ල කරන්නේ හමුදාමය ඉලක්ක වෙත පමණක් බවයි. දෙරට අතර පවතින මෙම ගැටුම්කාරී වාතාවරණය නිසා කලාපයේ සාමය තවදුරටත් අවදානමකට ලක්ව ඇති අතර, ඉදිරියේදී තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් අනතුරු අඟවනවා.

Discussion & Feedback