අපේ රට හරහා සිදුවිය හැකි නීති විරෝධී න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය හඳුනාගෙන එය වැළැක්වීම සඳහා ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ සහයෝගීතාවයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 21 සිට 25 දක්වා දින පහක් පුරා පැවැත්වුණු විශේෂ වැඩමුළුවක් හරහා මේ සඳහා අවශ්‍ය මූලික පියවර ගනු ලැබුවා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ.
මෙම වැඩමුළුවේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගැනීමේ ක්‍රමවේද සකස් කිරීම සහ අපේ රටේ පවතින නීතිමය රාමුවට අනුව ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණා. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, රේගුව, වරාය අධිකාරිය, වෙරළාරක්ෂක බලකාය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නියෝජිතයන් මේ සඳහා සහභාගී වුණා. මේ හරහා අපේ රටේ වරායන් සහ මුහුදු සීමාවන් හරහා සිදුවන නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ මෙවලම් අපේ ආරක්ෂක අංශවලට ලැබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා සඳහන් කළේ, මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වනවා සේම, ඉන්දියන් සාගරයේ වැදගත් වෙළඳ මාර්ගවල ආරක්ෂාවද ඉහළ යන බවයි. මෙය ඇමරිකාවට සහ එහි හවුල්කාර රටවලටද විශාල පිටුවහලක් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙවැනි වැඩසටහන් මගින් අපේ රටේ ආරක්ෂක අංශවල හැකියාවන් දියුණු කරමින් ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක ප්රමිතීන් කරා ළඟා වීමට අපට හැකියාව ලැබෙනවා.

Discussion & Feedback