ඇමරිකානු අභ්යවකාශ හමුදාව විසින් රොකට් ලැබ් (Rocket Lab) සමාගමට ඩොලර් මිලියන 397ක දැවැන්ත ව්යාපෘතියක් පවරා තිබෙනවා. මේ ව්යාපෘතියේ අරමුණ වෙන්නේ අභ්යවකාශයේ සිට ගුවන් තර්ජන තත්ය කාලීනව හඳුනාගත හැකි ‘Flatellites’ නම් විශේෂිත චන්ද්රිකා මාලාවක් නිර්මාණය කර අභ්යවකාශගත කිරීමයි. මේවා අභ්යවකාශයේ සිට මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලෙස ක්රියාත්මක වීමට නියමිත අතර, එය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ.
මෙම චන්ද්රිකා රොකට් ලැබ් සමාගමේ අලුත්ම ‘Neutron’ රොකට්ටුව මගින් අභ්යවකාශයට යැවීමට සැලසුම් කර තිබෙනවා. මේ වසරේ පමණක් රොකට් ලැබ් සමාගම ඇමරිකානු රජය සමග ඩොලර් මිලියන 943ක වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුම් හතරකට අත්සන් තබා තිබීම විශේෂත්වයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ නවතම ‘GHOST’ නම් ජංගම දියත් කිරීමේ පද්ධතිය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට ඉතා වේගයෙන් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
මේ ව්යාපෘතිය ගැන අදහස් දක්වමින් රොකට් ලැබ් සමාගමේ ප්රධාන විධායක නිලධාරී පීටර් බෙක් පවසන්නේ, අභ්යවකාශයේ පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙවැනි තාක්ෂණික දායකත්වයක් ලබා දීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවයි. ඉදිරි කාලයේදී මෙම චන්ද්රිකා මගින් ඇමරිකාවේ අභ්යවකාශ ආරක්ෂක ජාලය තවත් ශක්තිමත් වනු ඇති බවටයි විද්යාඥයින් විශ්වාස කරන්නේ.

Discussion & Feedback