ඇමරිකානු ගායකයෙක් වන D4vd හෙවත් ඩේවිඩ් ඇන්තනි බර්ක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝකය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඔහුට එරෙහිව එල්ල වෙලා තියෙන බරපතල මිනීමැරුම් චෝදනාව වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ නීතිඥ කණ්ඩායම මේ වන විට නඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. 14 හැවිරිදි දැරියක වන සෙලෙස්ට් රිවාස් හර්නැන්ඩස්ව ඝාතනය කිරීම සහ ඇගේ සිරුර කොටස් කිරීම ඇතුළු බරපතල චෝදනා කිහිපයකටම ඔහු මුහුණ දෙනවා. බර්ක් තමන් මේ කිසිම වරදක් කර නැති බව පවසමින් අධිකරණයේදී නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබුණත්, නඩු කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා දැන් රජයේ නීතිඥවරයෙක්ව ඔහු වෙනුවෙන් පත් කරලා තියෙනවා.
මෙම නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ප්‍රධාන අභිචෝදක නේදන් හොච්මන් පවසන්නේ, නීතිඥවරුන් මාරු වීම නිසා නඩු කටයුතු තවදුරටත් ප්‍රමාද වෙන්න ඉඩ තියෙන බවයි. නව නීතිඥ කණ්ඩායමට සාක්ෂි නැවත පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය වන නිසා නඩුවේ ඉදිරි ගමන මන්දගාමී විය හැකියි. 21 හැවිරිදි බර්ක් මෙම දැරියව ඝාතනය කර ඇත්තේ තම සංගීත වෘත්තියට හානි වේ යැයි ඇති වූ බිය නිසා බවටයි පැමිණිල්ලෙන් චෝදනා කරන්නේ. විශේෂයෙන්ම මරණ දණ්ඩනය පවා ලැබිය හැකි තරමේ බරපතල චෝදනා මෙහි අන්තර්ගත වන නිසා, ඉදිරි ඔක්තෝබර් 19 වැනිදා පැවැත්වෙන නඩු විභාගය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback