කොවිඩ් වසංගත සමයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැවති විමර්ශනයකදී ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමරිකානු සෞඛ්‍ය ප්‍රධානී ඇන්තනි ෆවුචිට එරෙහිව දැඩි පියවරක් ගැනීමට එරට සෙනෙට් කමිටුවක් තීරණය කරලා තියෙනවා. ඔහු කොංග්‍රසයට අපහාස කළ බවටයි මෙම කමිටුව චෝදනා කරන්නේ. පසුගිය සතියේ පැවති සාක්ෂි විභාගයේදී ෆවුචි සිය ව්‍යවස්ථාපිත අයිතිය භාවිතා කරමින් ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටි අතර, තමන්ව සිරගත කිරීමට සෙනෙට් සභික රැන්ඩ් පෝල් උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා. මෙම ඡන්ද විමසීම පක්ෂ දේශපාලන මතවාද මත පදනම්ව සිදු වූවක් බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, ෆවුචිගේ නීතිඥයන් පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි. හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් ෆවුචිට සමාවක් ලබා දී තිබුණත්, එම සමාවට අයත් නොවන පසුකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ඔහුට නීතිමය ගැටලු ඇති වීමේ ඉඩක් තියෙනවා. සෙනෙට් සභික රැන්ඩ් පෝල් දිගින් දිගටම චෝදනා කරන්නේ ෆවුචි වසංගතයේ මූලාරම්භය වසන් කළ බවයි. නමුත් ෆවුචි තමන් කිසිදු වරදක් කර නැති බවත්, මෙය තමන්ව සිරගත කිරීමට පෝල් දරන උත්සාහයක් බවත් නැවත නැවතත් පවසනවා. ඉදිරියේදී අධිකරණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරයිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback