දින 250ක් පුරා මුහුදේ රැඳී සිටි ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ ගුවන් යානා ප්‍රවාහන නෞකාව තායිලන්තයේ පට්ටායා වෙරළ තීරයට ළඟා වුණා. මාස නවයකට ආසන්න කාලයක් මුහුදේ ගත කළ පන්දහසකට අධික නාවික භටයන් පිරිසකට මෙය විශාල සහනයක් වෙලා තියෙනවා. වියට්නාම් යුද සමයේ සිටම ඇමරිකානු සොල්දාදුවන්ගේ විවේකී කාලය ගත කරන ප්‍රධාන නගරයක් ලෙස පට්ටායා ප්‍රසිද්ධ වුණත්, වර්තමානයේ පවතින ආර්ථික අර්බුද නිසා මෙම නගරයේ ව්‍යාපාරිකයන් මේ පැමිණීම දකින්නේ විශාල බලාපොරොත්තුවක් විදිහටයි.
නගරයේ වෙළෙන්දන් පවසන්නේ දිගු කලක් වැටුප් වියදම් නොකළ මෙම නාවිකයන්ගේ පැමිණීමෙන් තම ව්‍යාපාර යළි නගා සිටුවා ගත හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත්, නාවිකයන්ගේ විනය සහ ආරක්ෂාව වෙනුවෙන් තායි බලධාරීන් සහ ඇමරිකානු හමුදාව විශේෂ පියවර කිහිපයක් ගෙන තියෙනවා. විශේෂයෙන්ම නගරයේ ඇති ඇතැම් රාත්‍රී සමාජශාලා, ගංජා අලෙවිසැල් සහ අනතුරුදායක ජල ක්‍රීඩා සඳහා නාවිකයන්ට යෑම තහනම් කර තිබෙනවා. ඇමරිකානු නාවික හමුදාව පවසන්නේ තම භටයන් තායිලන්තයේ නීතිරීතිවලට ගරු කරමින් විනයගරුකව කටයුතු කරනු ඇති බවයි.
මෙම නෞකාව මුලින් සැලසුම් කර තිබුණේ මාස හයක මෙහෙයුමක් සඳහා වුවත්, මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වයන් නිසා ඔවුන්ට දිගු කාලයක් මුහුදේ රැඳී සිටීමට සිදු වුණා. කෑම බීම හිඟකම සහ මානසික පීඩනය වැනි ගැටලු පිළිබඳව වාර්තා වුවත්, නාවික හමුදාව පවසන්නේ තම භටයන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි. කෙසේ වෙතත්, පට්ටායා නගරයේ ජනතාව සහ ව්‍යාපාරිකයන් මෙම ඇමරිකානු නාවිකයන්ගේ පැමිණීම ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට සූදානම් වෙමින් ඉන්නවා.

Discussion & Feedback