ඇමරිකාව පුරා මේ දිනවල ඉතා වේගයෙන් පැතිර යන ‘සයික්ලොස්පෝරා’ (Cyclospora) නමැති පරපෝෂිත ආසාදනය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. දූෂිත ආහාර සහ ජලය හරහා බෝවන මෙම රෝගය නිසා දරුණු පාචන තත්ත්වයක් ඇතිවන අතර, මියගිය පුද්ගලයින් දෙදෙනාටම පෙර පැවති සෞඛ්‍ය ගැටලු තිබූ බවත්, රෝගය නිසා ඇති වූ විජලනය ඔවුන්ගේ තත්ත්වය බරපතළ කිරීමට හේතු වූ බවත් බලධාරීන් පවසනවා. මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 45ක රෝගීන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
මෙම රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද සලාද කොළ (lettuce) බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම ටකෝ බෙල් (Taco Bell) වැනි ප්‍රසිද්ධ ආපනශාලා ජාලයන් තම මෙනු එකෙන් අදාළ සලාද කොළ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ටේලර් ෆාම්ස් (Taylor Farms) සමාගමද තම නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළා. සාමාන්‍යයෙන් මෙම රෝගය ජීවිතයට තර්ජනයක් නොවුණත්, එය ඉතා වේගයෙන් පැතිර යන බැවින් ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) අනතුරු අඟවනවා.
මෙම පරපෝෂිතයා විනාශ කිරීම සඳහා එළවළු සහ පලතුරු හොඳින් සේදීම මෙන්ම, අවම වශයෙන් සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයකදී පිස ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෝදා ඇති බවට ලේබල් කර තිබුණත්, වෙළඳපොළෙන් ගන්නා ඕනෑම එළවළුවක් නැවත හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගැනීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්. විදේශ සංචාරවල නිරත වන අයද මේ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවා දැනුම් දී තිබෙනවා.

Discussion & Feedback