ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්රස්තවාදීන්ට එරෙහි සටනේදී ඇමරිකාවට විශාල සහයක් දුන් ඉරාකයේ කුර්දිස්තාන් කලාපයට ලබාදෙන හමුදා ආධාර නතර කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා. මේ වන විට ඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ අසරණ වෙලා ඉන්න කුර්දි හමුදාව වන ‘පෙෂ්මර්ගා’ සෙබළුන්ට ලැබෙන මෙම මූල්‍ය සහාය සැප්තැම්බර් 30න් පස්සේ අලුත් නොකරන්නයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙන්නේ. මේ තීරණය නිසා කලාපයේ බල තුලනය බිඳ වැටී ඉරානයට වාසිදායක තත්ත්වයක් උදාවෙයි කියලා දේශපාලන විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.
ඇමරිකාව මැද පෙරදිග කලාපයෙන් ඉවත් වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා, ඉරාකයේ තියෙන එකම ඇමරිකානු හමුදා කඳවුරත් ලබන මාසයේදී වහන්නයි සැලසුම් කරලා තියෙන්නේ. පසුගිය කාලය පුරාම ඉරානය කුර්දිස්තානයට ප්‍රහාර සිය ගණනක් එල්ල කරලා තියෙන අතර, මේ ආධාර කප්පාදුව නිසා කුර්දි වැසියන් දැඩි අවදානමකට ලක්වෙලා ඉන්නවා. ඇමරිකාව තමන්ගේ මිත්‍ර පාක්ෂිකයන්ව අතහැර දැමීම ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ විශ්වාසනීයත්වයටත් ලොකු හානියක් වේවි කියලා තමයි විචාරකයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් සමාලෝචනය වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback