ඇමරිකාවේ රැකියා සඳහා යන විදේශිකයන්ට සහ සිසුන්ට බලපාන ඉතා වැදගත් පුවතක් මේ වන විට වාර්තා වෙනවා. එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් H-1B වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 103,265ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාව දැනටමත් ෆෙඩරල් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙරත් මෙවැනිම ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට උත්සාහ කළත්, අධිකරණය මගින් එය වළක්වා තිබුණා. නමුත් මේ වන විට ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් නැවතත් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම නව නීති ක්‍රියාත්මක වුණොත්, ඇමරිකාවේ රැකියා කරන විදේශිකයන්ට සහ උපාධිධාරී සිසුන්ට විශාල බලපෑමක් එල්ල වෙනවා. විශේෂයෙන්ම F-1 OPT වැඩසටහන යටතේ සේවය කරන සිසුන් සඳහාත් ඩොලර් ලක්ෂයක ගාස්තුවක් අය කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ආයග්රේෂන් නීති ආයතන පවසන්නේ, මෙම පියවර නිසා විදේශිකයන් බඳවා ගන්නා සමාගම්වලට සහ සේවකයන්ට විශාල මූල්‍ය බරක් දැරීමට සිදුවන බවයි. දැනට මෙම යෝජනා වයිට් හවුස් කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ සමාලෝචනය යටතේ පවතිනවා.
මෙම යෝජනාවල නිශ්චිත කරුණු තවමත් රහසිගතව තබා තිබුණත්, ඉදිරියේදී ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි. ඇමරිකාවේ රැකියාවකට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට මෙය විශාල ගැටලුවක් විය හැකි අතර, ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට ලැබෙනු ඇති.

Discussion & Feedback