කොලොම්බියාවේ නව දක්ෂිණාංශික ජනාධිපතිවරයා ලෙස අබෙලාඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දුන් වහාම ඇමරිකා එක්සත් ජනපදය ඔහුට ඩොලර් බිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. හිටපු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ‘සම්පූර්ණ සාමය’ නම් වූ මෘදු ප්‍රතිපත්තිය වෙනුවට, එස්ප්‍රියෙල්ලා තමන්ගේ පාලන කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සන්නද්ධ කල්ලිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කැලි නගරයේ හමුදා කඳවුරකදී පවත්වපු උත්සවයකදීයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ආධාරකරුවෙක් වන එස්ප්‍රියෙල්ලා, ට්‍රම්ප්ගේ ‘ෂීල්ඩ් ඔෆ් ද ඇමරිකාස්’ ආරක්ෂක හවුල්කාරිත්වයටත් කොලොම්බියාව සම්බන්ධ කරගන්නා බව පවසා තිබෙනවා.
මෙම මූල්‍ය පැකේජය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සහ නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම වැනි පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇමරිකාව බලාපොරොත්තු වෙනවා. මීට පෙර පැවති වාමාංශික රජය යටතේ කොලොම්බියාවේ සන්නද්ධ කල්ලිවල බලපෑම වැඩිවීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් දැඩි විවේචන එල්ල කර තිබුණා. කෙසේ වෙතත්, එස්ප්රියෙල්ලාගේ මෙම නව ගමනත් සමඟ ලතින් ඇමරිකානු කලාපය දක්ෂිණාංශික දේශපාලනය දෙසට තවදුරටත් බර වන බවක් පෙනෙන්නට තියෙනවා. ඉදිරියේදී කොලොම්බියාවේ ආරක්ෂක තත්ත්වය සහ ඇමරිකාව සමඟ පවත්වන මෙම නව සබඳතාව කලාපීය දේශපාලනයට කෙබඳු බලපෑමක් කරයිද යන්න ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback