ඇමරිකානු හමුදා සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් භාවිත කරන දුරකථන සහ පරිගණකවල දැන්වීම් ලුහුබැඳීමේ (Ad tracking) පහසුකම අත්හිටුවීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා. මේ තීරණය ගෙන තියෙන්නේ හමුදා සාමාජිකයින්ගේ ස්ථානගත කිරීම් පිළිබඳ දත්ත විවිධ පාර්ශවයන් විසින් ලබාගෙන ඔවුන්ව ඉලක්ක කර ප්රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව හඳුනා ගැනීමෙන් පසුවයි. විශේෂයෙන්ම හමුදාව විසින් නිකුත් කරන ලද අයි-ෆෝන්, ඇන්ඩ්රොයිඩ් දුරකථන සහ වින්ඩෝස් පරිගණකවල මේ ආරක්ෂක පියවර ක්රියාත්මක කර තිබෙනවා.
මෙම දත්ත විවිධ සමාගම් හරහා වෙළඳපොළට නිකුත් වන අතර, සතුරු රටවල් හෝ වෙනත් පාර්ශවයන්ට මෙම දත්ත මිලදී ගෙන හමුදා සාමාජිකයින් සිටින ස්ථාන සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. සෙනෙට් සභික රොන් වයිඩන් විසින් මේ පිළිබඳව මතු කළ කරුණු සැලකිල්ලට ගනිමින්, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මැරීන් බලකාය ඇතුළු සියලුම අංශවල මෙම තාක්ෂණික වෙනස්කම් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත්, හමුදා සාමාජිකයින් පෞද්ගලිකව භාවිත කරන දුරකථන හරහා තවමත් යම් අවදානමක් පවතින බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඇමරිකානු රජය විසින්ම ඔත්තු බැලීම් සඳහා මෙවැනි දත්ත මිලදී ගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබීම විශේෂත්වයක්.

Discussion & Feedback