හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ පැනමා ධජය සහිත නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර යළිත් වරක් දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු මධ්‍යම විධානය විසින් ඉරානයේ පිහිටි හමුදා උපකරණ, ගුවන් ආරක්ෂක පද්ධති සහ ඩ්‍රෝන ගබඩා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. දෙරට අතර මීට පෙර ඇති කරගත් සටන් විරාම ගිවිසුම මේ ප්‍රහාර නිසා බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති අතර, ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය තවදුරටත් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. ලෝක වෙළඳපොළට තෙල් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින මේ අස්ථාවර තත්ත්වය නිසා ගෝලීය වශයෙන් තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මතුව තිබෙනවා.

Discussion & Feedback