ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට බදු දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන තිබූ මතභේදාත්මක නීතිමය ගිවිසුමක් එරට දිස්ත්‍රික් විනිසුරුවරියක වන කැත්ලීන් විලියම්ස් විසින් අවලංගු කර තිබෙනවා. මෙම ගිවිසුම මගින් ට්‍රම්ප්ට ඔහුගේ බදු වාර්තා පරීක්ෂා කිරීමෙන් නිදහසක් ලැබී තිබූ අතර, රජය විසින් අසාධාරණ ලෙස ඉලක්ක කළ බව පවසන පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක අරමුදලක් පිහිටුවීමට ද සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත්, විනිසුරුවරිය පෙන්වා දෙන්නේ මෙම නඩුව සහ ගිවිසුම කිසිසේත්ම නීත්‍යානුකූල එකක් නොවන බවත්, එය හුදෙක් ට්‍රම්ප්ගේ පෞද්ගලික වාසිය උදෙසා සිදුකළ නාටකයක් බවත්ය.
මෙම තීන්දුවත් සමඟ ට්‍රම්ප්ට සහ ඔහුගේ පවුලේ අයට බදු පරීක්ෂණවලින් ලැබී තිබූ ආරක්ෂාව අහෝසි වී යනවා. එපමණක් නොව, මෙම නීතිමය කටයුතු මෙහෙයවූ ට්‍රම්ප්ගේ නීතිඥවරයෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ද විනිසුරුවරිය නියෝග කර තිබෙනවා. ට්‍රම්ප්ගේ පාර්ශ්වය පවසන්නේ තමන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දු කළ අයට එරෙහිව පියවර ගැනීමක් ලෙස මෙය සිදුකළ බවයි. නමුත් බදු නීති විශේෂඥයන් පවසන්නේ මෙය දේශපාලන බලපෑම් මත සිදුකළ අසාධාරණ ගිවිසුමක් බවයි. මේ වන විට මෙම තීන්දුවත් සමඟ ඉදිරියේදී ට්‍රම්ප්ගේ බදු වාර්තා සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ පැවැත්වීමට බදු දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback