ඉරානයේ සිරික් ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය පවසනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 67 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පසුව රෝහල්ගත කළ තවත් 22 හැවිරිදි කාන්තාවක් ද මියගොස් තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම සිදුවීම යුද අපරාධයක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කරන අතර, ඊට ප්‍රතිචාර වශයෙන් කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට පෙර සිදු වූ ගැටුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති නිසා, මෙම චෝදනාව පිළිබඳව තමන් දැඩි සැකයකින් පසුවන බව ඔහු සඳහන් කරනවා. ඇමරිකානු හමුදාව කිසිවිටෙකත් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවත්, එදින සිදු වූයේ ඉරානය විසින් ඇමරිකානු හමුදා වෙත එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් බවත් ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරීන් පවසනවා.
මේ අතර, බීබීසී පර්යේෂණවලට අනුව ප්‍රහාරය එල්ල වූ ස්ථානය අසල තිබූ විදුලි සංදේශ කුළුණක් විනාශ වී ඇති අතර, මංගල උත්සවය පැවති නිවස එම ස්ථානයට මීටර් 112ක් පමණ ආසන්නයේ පිහිටා තිබෙනවා. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු දෙරට අතර පවතින මෙම උණුසුම්කාරී තත්ත්වය තවමත් සමනය වී නැහැ.

Discussion & Feedback