ඇමරිකානු නාවික හමුදා යුද නැවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමත් සමඟ මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ සිදුවීමත් එක්ක ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) වහාම ක්‍රියාත්මක වෙලා ඉරානයට අයත් තෙල් නැව් පහක් විනාශ කර දැමීමට පියවර ගත්තා. ඕමාන් බොක්ක ආශ්‍රිතව සහ ඉරානයේ කාර්ග් දූපත අසල තිබූ මේ නැව්වලට පහර දීමට පෙර එහි සිටි කාර්ය මණ්ඩලයට නැව් අතහැර යන ලෙස දැනුම් දී තිබූ බවයි වාර්තා වෙන්නේ. ඇමරිකාව පවසන්නේ මේ තෙල් නැව් ඉරාන හමුදාවේ සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන්ගේ කටයුතු සඳහා මුදල් සැපයීමට යොදාගත් ජාලයක කොටසක් බවයි.
මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානය ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ජෝර්දාන හමුදාව පවසන විදිහට ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල 18ක් අහසේදීම විනාශ කර දැමීමට සමත් වුණා. තවත් මිසයිල දෙකක් ජනාවාස නොමැති ප්‍රදේශයකට පතිත වුවත්, මේ කිසිදු ප්‍රහාරයකින් ඇමරිකානු හෝ ජෝර්දාන හමුදා සාමාජිකයන්ට හානියක් සිදුවී නැහැ. පසුගිය දින කිහිපය තුළම ඇමරිකානු යුද නැව් ඉලක්ක කරගෙන ඉරානය ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමත් සමඟ දෙරට අතර පවතින මේ ගැටුම්කාරී තත්ත්වය තවත් උග්‍ර වී තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය කෙසේ විසඳේවිද යන්න ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback