ඇමරිකානු රජය විසින් විදේශීය රටවල නිෂ්පාදිත මානව රූපී රොබෝවරුන්, රොබෝ සුනඛයන් සහ සූර්ය බලශක්ති ඉන්වර්ටර් ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම පියවර ප්‍රධාන වශයෙන් ඉලක්ක කර තිබෙන්නේ චීනයයි. ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව පවසන පරිදි, මෙම උපකරණ හරහා විදේශීය රජයන්ට රහසිගතව ඔත්තු බැලීමට හෝ සයිබර් ප්‍රහාර එල්ල කිරීමට ඉඩක් පවතින නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. දැනට නිවෙස්වල භාවිතයේ පවතින උපකරණවලට මෙම තහනම බලපාන්නේ නැති වුණත්, අනාගතයේදී පැමිණෙන නව උපකරණ සඳහා මෙය දැඩිව ක්‍රියාත්මක වෙනවා.
චීනය ලෝක වෙළඳපොළේ රොබෝ තාක්ෂණයෙන් විශාල කොටසක් හිමිකරගෙන සිටින රටක්. කෙසේ වෙතත්, ඇමරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ චීන සමාගම් හරහා ඇමරිකානු දත්ත සොරකම් කරන බවයි. මේ තහනම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර ඇති අතර, තම ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බව ඔවුන් පවසනවා. ලබන සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත හමුවට පෙර මෙම තත්ත්වය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විශාල කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback