ලෝකයේ බරපතළම පිළිකා රෝගයක් විදිහට සැලකෙන අග්න්‍යාශ පිළිකා සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් අලුත්ම ඖෂධයකට අනුමැතිය ලබා දීලා තියෙනවා. ‘ඩැරක්සන්රාසිබ්’ (Daraxonrasib) නමින් හඳුන්වන මේ ඖෂධය මගින් රෝගීන්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් මාස 6.6 සිට මාස 13.2 දක්වා දෙගුණයක් කරගන්න පුළුවන් බව සායනික පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා. සාමාන්‍ය රසායනික ප්‍රතිකාරවලට වඩා මේ නව ඖෂධය ඉතාම සාර්ථක බවයි වෛද්‍යවරු පවසන්නේ.
මේ ඖෂධය ක්‍රියා කරන්නේ පිළිකා සෛල වර්ධනයට හේතු වන ‘KRAS’ ජානය අක්‍රිය කිරීම මගින්. අග්න්‍යාශ පිළිකා රෝගීන්ගෙන් 90%කට වඩා වැඩි පිරිසකට මේ ජාන විකෘතිය බලපානවා. සාමාන්‍යයෙන් අග්න්‍යාශ පිළිකාවක් හඳුනාගත්තට පස්සේ රෝගීන්ගෙන් බහුතරයක් මාස තුනක් ඇතුළත මියයන බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. ඒ නිසා මේ ඖෂධය පිළිකා රෝගීන්ට ලැබුණු ලොකු බලාපොරොත්තුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ඇමරිකාවේ හිටපු සෙනෙට් සභික බෙන් සැස් ඇතුළු රෝගීන් රැසක් දැනටමත් මේ ඖෂධය භාවිතා කරන අතර, ඔවුන්ගේ පිළිකා ගෙඩි ප්‍රමාණය අඩු වීමට එය හේතු වී තිබෙනවා. රසායනික ප්‍රතිකාරවලට වඩා අතුරු ආබාධ අවම මට්ටමක පැවතීමත් මෙහි ඇති විශේෂත්වයක්. කෙසේ වෙතත්, සමේ රෝග, පාචනය සහ වමනය වැනි සුළු අතුරු ආබාධ ඇති විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. වසරකට ලක්ෂ ගණනක් බිලිගන්නා මේ මාරාන්තික රෝගයට එරෙහිව ලැබුණු මේ ජයග්‍රහණය වෛද්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි විශේෂඥයන් පවසන්නේ.

Discussion & Feedback