ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ කොන්ග්රස් සභික ටොම් ටිෆනි ගමන් ගත් කුඩා ගුවන් යානයක් හදිසියේම විලකට ගොඩබෑමට සිදුවීමේ පුවතක් වාර්තා වෙනවා. පසුගිය සෙනසුරාදා රාත්රියේදී ඔහු ගමන් ගත් මෙම යානය තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා වෝසෝ විලට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා. යානය ජලයේ ගිලී යද්දී ටිෆනි සහ නියමුවා වහාම එයින් පිටතට පැමිණ ආරක්ෂිතව පිහිනා ගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිට ඇත්තේ ටිෆනි සහ නියමුවා පමණයි. ඔවුන් දෙදෙනාම සුළු තුවාල ලබා ඇති අතර, පසුව ගිනි නිවන හමුදාවේ බෝට්ටුවක් මගින් ඔවුන්ව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. තම ජීවිතය බේරා ගැනීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වන බවත්, ජීවිතයේ වටිනාකම මෙවැනි සිදුවීමකින් හොඳින්ම වැටහෙන බවත් ටිෆනි පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යානයට සිදුවූ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ. කෙසේ වෙතත්, අනතුරට ලක්වූ යානය විලෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback