ඇමරිකානු හමුදාව විසින් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ ආයුධයක් ස්ථාපිත කර ඇති බව පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මින්ක් පවසන විදියට, සතුරු රටවලින් එල්ල විය හැකි තර්ජනවලින් ඇමරිකානු හමුදා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ආයුධයේ හැකියාවන් මොනවාද හෝ එය කක්ෂගත කළේ කවදාද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ඔහු කටයුතු කළේ නැහැ.
පසුගිය කාලයේ රුසියාව සහ චීනය විසින් ඇමරිකානු චන්ද්‍රිකා ඉලක්ක කර ගනිමින් සිදුකරන විවිධ අත්හදා බැලීම් නිසා අභ්‍යවකාශය තුළ ආරක්ෂාව තර කර ගැනීමට ඇමරිකාවට සිදුව තිබෙනවා. 2019 වසරේදී ආරම්භ කළ ඇමරිකානු අභ්‍යවකාශ බලකාය (US Space Force) මගින් අභ්‍යවකාශයේ පවතින ඇමරිකානු දේපළ ආරක්ෂා කිරීමට පමණක් නොව, අවශ්‍ය වුවහොත් සතුරු ඉලක්ක විනාශ කිරීමේ හැකියාව පවා ලබාගෙන තිබෙනවා. 1967 වසරේ ඇති කරගත් ගිවිසුමකට අනුව අභ්‍යවකාශයේ මහා විනාශකාරී ආයුධ තහනම් වුවත්, මේ වන විට ප්‍රධාන බලවතුන් සියල්ලම පාහේ චන්ද්‍රිකා ඉලක්ක කර ගැනීමේ තාක්ෂණය දියුණු කරමින් සිටිනවා.
රුසියාව සහ චීනය අභ්‍යවකාශය යුද පිටියක් ලෙස සලකමින් කටයුතු කිරීම ඇමරිකාවේ මෙම නව තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. විශේෂයෙන්ම යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව විසින් යුරෝපීය චන්ද්‍රිකා වල දත්ත ලබා ගැනීමට උත්සාහ කිරීම වැනි සිදුවීම් නිසා අභ්‍යවකාශයේ බලය තහවුරු කර ගැනීම අනාගත යුද්ධවලදී තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ඇමරිකානු හමුදා නායකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback