ලෝකය පුරාම ජනප්‍රිය වෙලා තියෙන ඇමරිකානු බුරිටෝ (Burrito) දැවැන්තයෙක් වන ‘චිපොට්ලේ’ (Chipotle) ආයතනය මේ සතියේදී තමන්ගේ පළමු අවන්හල මෙක්සිකෝවේ විවෘත කරන්න සූදානම් වෙනවා. දැනට ලෝකය පුරා අවන්හල් 4,100කට වඩා පවත්වාගෙන යන මේ ආයතනය, තමන්ගේ ආහාරවල මූලාරම්භය වුණු මෙක්සිකෝවටම ගිහින් තමන්ගේ ජනප්‍රියත්වය පරීක්ෂා කරලා බලන්නයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. මේක ඔවුන්ගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් කියලා තමයි ආයතනයේ ප්‍රධානීන් පවසන්නේ. මෙක්සිකෝවේ නුවෝ ලියොන් ප්‍රාන්තයේ ආරම්භ කරන මේ අවන්හල හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මෙක්සිකෝ නගරය දක්වාත් තමන්ගේ ජාලය ව්‍යාප්ත කරන්නයි.
නමුත් මේ පියවර ගැන සමාජ මාධ්‍යවල නම් තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්. ගොඩක් අය මේක විහිළුවට අරන් තියෙනවා. මෙක්සිකානුවන්ට තියෙන රසවත් සහ සාම්ප්‍රදායික ආහාර අත්හැරලා ඇමරිකානු ආයතනයක ආහාර කන්න ඔවුන් පෙළඹෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. මීට කලින් ටැකෝ බෙල් (Taco Bell) ආයතනයත් මෙක්සිකෝවේ සාර්ථක වෙන්න උත්සාහ කරලා අසාර්ථක වුණා වගේම, ඩොමිනෝස් පීසා (Domino’s Pizza) ආයතනයටත් ඉතාලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා චිපොට්ලේ ආයතනයට මේක ලොකු අභියෝගයක් වේවි. කොහොම වුණත්, මේ වසරේදී ලෝකය පුරා අලුත් අවන්හල් 370ක් විවෘත කරන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා.

Discussion & Feedback