ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් කැනඩාවෙන් ආනයනය කරන මත්පැන්, කිරි නිෂ්පාදන සහ යතුරුපැදි සඳහා දැඩි තහනමක් පනවා තිබෙනවා. දෙරට අතර පවතින වෙළඳ ගැටුම් උත්සන්න වීමත් සමඟ ක්‍රියාත්මක වූ මෙම තහනම, කැනඩාව විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා තිබූ බදු වලට ප්‍රතිචාරයක් ලෙසයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම කැනඩාවේ මත්පැන් අපනයනයෙන් 90%ක්ම යොමු වෙන්නේ ඇමරිකාවට නිසා, මෙම තීරණය ඔවුන්ගේ ව්‍යාපාරික ක්ෂේත්රයට යම් බලපෑමක් එල්ල කරනු ඇති බවටයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පවසන්නේ මෙම තහනම නිසා රටේ ආර්ථිකයට සිදුවන බලපෑම එතරම් විශාල එකක් නොවන බවයි. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමියසන් ග්‍රීර් පවසන පරිදි, ට්‍රම්ප් පරිපාලනය මේ වන විට කැනඩාව සමඟ පවතින සබඳතාවය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටින අතර, වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් කඩිමුඩියක් ඔවුන්ට නැහැ. කැනඩාව විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා 15% සිට 50% දක්වා බදු පැනවීමත් සමඟ දෙරට අතර වෙළඳ සබඳතා තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.
ට්‍රම්ප් පවසන්නේ කැනඩාව ඇමරිකාවට අසාධාරණ ලෙස සලකන බවයි. කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම තහනම් කිරීම් සහ බදු පැනවීම් හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගිකයින් බවයි. භාණ්ඩ මිල ඉහළ යාම සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය බිඳ වැටීම වැනි ගැටලු රැසක් මේ නිසා මතුවෙමින් තිබෙනවා.

Discussion & Feedback