ඇමරිකාවේ අලුතින් නිෂ්පාදනය කරන වාහනවල AM රේඩියෝ පහසුකම නොමිලේම ඇතුළත් කිරීමට එරට නීති සම්පාදකයින් පියවර ගනිමින් ඉන්නවා. සාමාන්‍යයෙන් දේශපාලන මත ගැටුම් පවතින ඇමරිකානු කොන්ග්‍රසයේ පක්ෂ දෙකම එකඟතාවයකට පැමිණෙමින් මෙම පනත සම්මත කරගැනීම විශේෂත්වයක්. හදිසි අවස්ථාවකදී ජනතාවට තොරතුරු ලබාගැනීමට ඇති විශ්වාසවන්තම මාධ්‍යයක් ලෙස AM රේඩියෝව තවමත් වැදගත් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ස්වභාවික ආපදා වැනි අවස්ථාවලදී දුර බැහැර ප්‍රදේශවලට පවා සංඥා ලැබෙන නිසා මෙය අත්‍යවශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත්, ටෙස්ලා, රිවියන් සහ වොල්වෝ වැනි විදුලි වාහන නිෂ්පාදකයින් තම වාහනවලින් AM රේඩියෝ ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. විදුලි මෝටරවලින් නිකුත් වන විද්‍යුත් චුම්භක තරංග නිසා AM සංඥාවලට බාධා ඇතිවීම මෙයට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා. නමුත් නව නීතිය යටතේ වාහන නිෂ්පාදකයින්ට අමතර ගාස්තුවකින් තොරව මෙම පහසුකම ලබාදීමට සිදුවනු ඇති. මෙම පනත දැන් සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන අතර, එය නීතියක් බවට පත් වුවහොත් ඉදිරියේදී ඇමරිකාවේ අලෙවි වන සියලුම නව වාහනවල AM රේඩියෝ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

Discussion & Feedback