මැද පෙරදිග කලාපයේ රාජකාරි කරන ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවේ සෙබළුන් මේ වන විට දැඩි අසීරුතාවකට පත්වෙලා ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ. මාස නවයකට අධික කාලයක් මුහුදේ ගත කිරීම නිසා ඔවුන්ට ආහාර හිඟය, සනීපාරක්ෂක ගැටලු සහ දැඩි වෙහෙස වැනි බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නෞකාවේ ඉන්න සෙබළුන්ගේ මානසික තත්ත්වය පවා පිරිහී ඇති බවත්, සමහරු නැවෙන් පැනීමට පවා උත්සාහ කර ඇති බවත් ඔවුන්ගේ පවුල්වල අය චෝදනා කරනවා. නමුත් ඇමරිකානු නාවික හමුදාව මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ එවැනි මානසික අර්බුදයක් නැති බවයි.
මේ තත්ත්වය නිසා ලින්කන් නෞකාව ආදේශ කිරීම සඳහා ‘යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන්’ නෞකාව මැද පෙරදිග බලා පිටත් කර හැරීමට ඇමරිකානු බලධාරීන් පියවර අරන් තියෙනවා. ජපානයේ සිට පැමිණෙන මෙම නෞකාව ඉදිරි දින කිහිපය තුළ අදාළ කලාපයට ළඟා වීමට නියමිතයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මෙම නෞකා මාරුව සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, සෙබළුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, සෙබළුන්ගේ පවුල්වල අය සහ ඇතැම් දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ නාවික හමුදාවේ මෙහෙයුම් වේගය සහ නෞකාවල පවතින දුර්වල තත්ත්වයන් නිසා සෙබළුන් විශාල පීඩනයකට ලක්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බවට බලධාරීන්ට අනතුරු අඟවා තිබෙනවා.

Discussion & Feedback