මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය ඉදිරියේදී ඉතාමත් රළු විය හැකි බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමට අනුව, මෙම මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතිනවා. මේ නිසා කුඩා යාත්‍රා සහ දිනපතා ධීවර කටයුතුවල නිරත වන බෝට්ටු හිමියන් මේ දිනවල මුහුදු යාමෙන් වළකින ලෙස දැඩිව උපදෙස් ලබා දී තිබෙනවා.
විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරය ඉතාමත් අනතුරුදායක තත්ත්වයක පවතින නිසා, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ධීවර යාත්‍රා පවා මෙම කලාපය තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතුයි. මුහුදු රළ ඉතා ප්රචණ්ඩ විය හැකි බැවින් තම ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් ධීවර ප්‍රජාවට සිහිපත් කරනවා. කාලගුණයේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත්, ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. කාලගුණය යථා තත්ත්වයට පත්වන තුරු මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.

Discussion & Feedback