ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නව පිහිටි චිබා ප්‍රාන්තයට බලපෑ අසාමාන්‍ය සහ වාර්තාගත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බලධාරීන් පවසන පරිදි මෙය ජපාන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම වර්ෂාපතනයක් වන අතර, පැයකට මිලිමීටර් 100කට අධික වර්ෂාවක් පතිත වීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. ගංවතුර සහ නායයෑම් අවදානම නිසා නිවාස ලක්ෂයකට අධික පිරිසකට ඉවත් වන ලෙස උපදෙස් ලබා දී ඇති අතර, විදුලි බලය විසන්ධි වීමෙන් නිවාස 20,000කට වැඩි ප්‍රමාණයක් අඳුරේ පවතිනවා.
මෙම දරුණු කාලගුණ තත්ත්වය නිසා නරීටා ගුවන් තොටුපළේ මගීන් 7,000ක් පමණ අතරමං වූ අතර, ප්‍රධාන මාර්ග සහ දුම්රිය සේවා රැසක් ද තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා. ගංවතුරට හසුවූ මෝටර් රථයක් තුළ සිටි කාන්තාවක් ඇතුළු පිරිසක් මියගොස් ඇති අතර, චිබා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ තම දේශපාලන ජීවිතයේ මෙවැනි දරුණු ආපදා තත්ත්වයක් තමන් කිසිදා අත්දැක නොමැති බවයි. මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඉදිරි දින කිහිපය තුළත් ජපානයට සහ අවට රටවලට තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වයන් බලපෑ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

Discussion & Feedback