සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස තමන් මෙම පනතට සහය දක්වන බවත්, කෙසේ වෙතත් පනතේ තිබෙන ඇතැම් අඩුපාඩු නිවැරදි විය යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. විශේෂයෙන්ම පෙරහැර සඳහා සහභාගී වන අලි ඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මහානායක හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේතුමාගේ උපදෙස් ලබාගත යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත් පක්ෂය යෝජනා කරනවා.
එමෙන්ම, සත්ව සුබසාධන උපදේශක කමිටුවට දියවඩන නිලමේතුමා සහ මහානායක හිමිවරුන් විසින් නම් කරන ලද නියෝජිතයන් ඇතුළත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා. පනතේ අඩංගු ඇතැම් කරුණු සතුන්ට සිදුවන හිංසනයන් වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවත්, විදේශීය රටවල පවතින උසස් ප්රමිතීන් මෙයට ඇතුළත් කර නොමැති බවත් ඔවුන් පවසනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා සතුන් යොදා ගැනීම සහ සතුන් ප්‍රවාහනයේදී සිදුවන අක්‍රමිකතා වැනි කරුණු සම්බන්ධයෙන් පනතේ නිසි නියාමනයක් නොමැති වීම ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂය සැමවිටම කැපවී සිටින බවත්, පනත වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදුකිරීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback