කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයට අද උදෑසන නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතුරුව කොටුව පොලිසිය වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. මියගිය පුද්ගලයා කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර, සිරුරේ පවතින තත්ත්වය අනුව ඔහුව හඳුනා ගැනීම තරමක් අපහසු වී තිබෙනවා. සොයාගන්නා විට මියගිය පුද්ගලයා රෝස පැහැති දිගු අත් සහිත කමිසයක් සහ කොට කලිසමක් ඇඳ සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ වන විට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මියගිය පුද්ගලයා කවුද සහ මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කොටුව පොලිසිය විසින් සිදු කරමින් පවතිනවා. වෙරළ තීරයේ සිටි පිරිසක් විසින් මෙම සිරුර දැක පොලිසියට දැනුම් දීමෙන් පසුවයි මෙම සිදුවීම අනාවරණය වුණේ. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය මහජනතාවගේ සහයද බලාපොරොත්තු වන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇත.

Discussion & Feedback