ලෝක සිතියම් ගැන කතා කරද්දී අපි හැමෝම වගේ දැකලා තියෙන්නේ ‘මර්කේටර්’ (Mercator) කියන සිතියම් ක්‍රමයයි. හැබැයි මේ සිතියමේ ලොකු වැරැද්දක් තියෙනවා කියලා දැන් ලෝකයම කතා වෙනවා. ඒ තමයි අප්‍රිකානු මහද්වීපය ඇත්තටම තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් කුඩාවට මේ සිතියමේ පෙන්වීම. උදාහරණයක් විදිහට කිව්වොත්, ග්‍රීන්ලන්තය සහ අප්‍රිකාව සමාන ප්‍රමාණයේ ඒවා විදිහට මේ සිතියමේ පෙනුනත්, ඇත්තටම අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයක් විශාලයි. මේ වැරදි සහගත බව නිවැරදි කරන්න ඕනේ කියලා ටෝගෝ රටේ මූලිකත්වයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වුණා.
මේ යෝජනාවට රටවල් 164ක සහයෝගය ලැබුණා. ඇමරිකාව විතරයි මේකට විරුද්ධ වුණේ. මේ නව සිතියම හරහා ලෝකයේ රටවල සැබෑ ප්‍රමාණයන් නිවැරදිව පෙන්වන්න පුළුවන් වෙනවා. ටෝගෝ විදේශ ඇමතිවරයා කියන විදිහට, සාධාරණ ලෝකයක් ගොඩනැගෙන්න නම් මුලින්ම සාධාරණ සිතියමක් තියෙන්න ඕනේ. මොකද සිතියමක් කියන්නේ නිකම්ම නිකම් කඩදාසියක් නෙවෙයි, ඒකෙන් මිනිස්සු ලෝකය දකින විදිහ තීරණය කරනවා. මේ වෙනසත් එක්ක ඉදිරියේදී ලෝකයේ අධ්‍යාපන ආයතන සහ විවිධ ආයතනවල භාවිත කරන සිතියම්වල විශාල වෙනසක් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback