අපේ ලෝකයේ සිතියම ගැන කතා කරද්දී වසර ගණනාවක් තිස්සේ අපි පාවිච්චි කළේ 16 වන සියවසේ හඳුන්වා දුන් ‘මර්කේටර්’ (Mercator) සිතියමයි. හැබැයි මේ සිතියම නිසා අප්‍රිකානු මහද්වීපය ඇතුළු සමකයට ආසන්න රටවල් සැබෑ ප්‍රමාණයට වඩා ගොඩක් කුඩාවට තමයි පෙනුණේ. මේ වැරදි සහගත බව නිවැරදි කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් තීරණය කරලා තියෙනවා. ඒ අනුව, 2018 වසරේ හඳුන්වා දුන් ‘ඊක්වල් අර්ත්’ (Equal Earth) නම් වඩාත් නිවැරදි සිතියම් ක්‍රමය නිල වශයෙන් පිළිගන්න රටවල් 164ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මේ වෙනස සිද්ධ වෙන්නේ ටෝගෝ රටේ මූලිකත්වයෙන් දියත් වුණු #CorrectTheMap ව්‍යාපාරය නිසායි. ඇත්තටම මර්කේටර් සිතියම නිසා අප්‍රිකාව ග්‍රීන්ලන්තය තරම් කුඩාවට පෙනුණත්, ඇත්තටම අප්‍රිකාව ග්‍රීන්ලන්තය වගේ 14 ගුණයක් විශාලයි. මේ සිතියම් ක්‍රමය වෙනස් කිරීම අනිවාර්ය නීතියක් නොවුණත්, ඉදිරියේදී පාසල් පෙළපොත් සහ තාක්ෂණික කටයුතු වලදී මේ නව සිතියම භාවිතයට ගැනේවි කියලා බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් මේක දකින්නේ යටත් විජිත සමයේ තිබුණු වැරදි මතවාදයන්ගෙන් මිදීමට ගත් වැදගත් පියවරක් විදියටයි.
ඇමරිකාව විතරක් මේ යෝජනාවට විරුද්ධ වුණත්, ප්‍රංශය වගේ රටවල් දැනටමත් මේ නව සිතියම් ක්‍රමය අනුගමනය කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙනස නිසා ලෝකයේ භූගෝලීය සත්‍යතාවය ගැන මිනිස්සුන්ගේ තියෙන අවබෝධය තවත් වැඩි වේවි කියලා තමයි විද්වතුන් පවසන්නේ.

Discussion & Feedback