පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයේ මිනාබ් සහ ලාමර්ඩ් නගරවලට එල්ල කළ මිසයිල ප්රහාර හේතුවෙන් සිවිල් වැසියන් 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇමරිකාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවසනවා. මිනාබ් ප්රාථමික පාසලකට එල්ල වූ ප්රහාරයෙන් කුඩා දරුවන් 120 දෙනෙකු ඇතුළු 156 දෙනෙකු මිය යාම ලෝකයම කම්පාවට පත් කළ සිදුවීමක් වුණා. මෙම පාසල හමුදා කඳවුරක් අසල පිහිටා තිබුණත්, එය සිවිල් ගොඩනැගිල්ලක් බව පැහැදිලිව හඳුනාගත හැකිව තිබියදීත් මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි වාර්තාවේ සඳහන් වෙන්නේ. ඇමරිකාව සතු ටොමහෝක් මිසයිල භාවිත කරමින් මෙම ප්රහාරය එල්ල කර ඇති බවට ප්රමාණවත් සාක්ෂි පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
මේ අතර, ලාමර්ඩ් නගරයේ ක්රීඩා සංකීර්ණයකට එල්ල වූ ප්රහාරයෙන් තවත් සිවිල් වැසියන් 21 දෙනෙකු මිය ගියා. ඇමරිකාව මෙම චෝදනා ප්රතික්ෂේප කළත්, එම ප්රහාර සඳහා යොදාගත් ආයුධ වර්ග ඇමරිකාව සතුව පමණක් පැවතීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. මීට අමතරව, ඉරාන රජය විසින් එරට විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කළ මර්දනයන් ද මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස මෙම වාර්තාවේ හඳුන්වා දී තිබෙනවා. ඉරාන වැසියන් මේ වන විට තමන්ගේම රජයේ මර්දනයට සහ ඇමරිකානු ප්රහාරවලට මැදිව අසරණ වී සිටින බවයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback