මොනාකෝ නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකදී සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන සැකකාරිය ලෙස 39 හැවිරිදි ඇනස්ටේෂියා බෙරෙසොව්ස්කා නම් යුක්රේන කාන්තාවක් හඳුනාගෙන ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ආයතනය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී ඇය පිරිමි ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටි බවත්, ප්‍රහාරයෙන් පසු ඇය මෝටර් රථයකින් ඉතාලිය හරහා ජර්මනියට පලා ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වඩීම් යර්මොලයිව් නම් 58 හැවිරිදි ධනවත් දේපළ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඔහු යුක්රේන රජය විසින් සම්බාධක පනවා ඇති පුද්ගලයෙක් වන අතර, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු තම සහකාරිය සහ 13 හැවිරිදි දරුවා සමඟ නිවසට ඇතුළු වෙමින් සිට තිබෙනවා. මේ වන විට ජර්මන් පොලිසිය විසින් සැකකාරියගේ නිවස සහ ඇය භාවිතා කළ වාහනය පරීක්ෂා කර සාක්ෂි සොයාගෙන ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මොනාකෝ කුමරු ඇල්බට් මෙම සිද්ධිය ඉතා පිළිකුල් සහගත අපරාධයක් ලෙස හෙළා දැක තිබෙනවා.

Discussion & Feedback