රුසියාවේ බෙල්ගොරොඩ් කලාපයට එල්ල වුණු යුක්රේන මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් තවත් හතර දෙනෙක් තුවාල ලබා ඉන්න අතර, ඒ අතරේ අවුරුදු 14ක දරුවෙක් ඉන්නවා කියලයි බෙල්ගොරොඩ්හි වැඩබලන ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ෂුවායෙව් තහවුරු කරලා තියෙන්නේ. මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ රුසියානු දේශසීමාවට ආසන්නව පිහිටි කොලොස්කෝවෝ ගම්මානයටයි. ප්‍රහාරය නිසා ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙලා තියෙනවා වගේම වාහනයකටත් බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා.
මේ ප්‍රහාරය එල්ල වුණේ මේ වසරේ යුක්රේනය විසින් රුසියාවට එල්ල කළ විශාලතම ප්‍රහාරයෙන් පසුවයි. ඒ ප්‍රහාරයෙනුත් පුද්ගලයන් හත් දෙනෙක් මියගියා. ඒ වගේම මේ දිනවල රුසියාවත් යුක්රේනයට දැඩි මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. මේ නිසා දෙපැත්තෙන්ම සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියයනවා වගේම තුවාල ලබනවා. දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරගන්නේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවටයි. මේ යුද ගැටුම් නිසා දෙරටේම දේශසීමා ආශ්රිත ප්‍රදේශවල ජනතාව මේ වෙද්දී ඉන්නේ ලොකු බියකින් සහ අවිනිශ්චිතභාවයකින්.

Discussion & Feedback