යුක්රේන හමුදාව විසින් රුසියාවේ පාලනය යටතේ පවතින ක්රිමියාව ආසන්නයේ තිබෙන රුසියානු ඉන්ධන නෞකා ඉලක්ක කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ අසෝව් මුහුදේදී පමණක් රුසියානු නෞකා 25කට අධික ප්‍රමාණයක් ප්‍රහාරයට ලක්ව ගිනිගෙන ඇති බව යුක්රේන ඩ්‍රෝන බලකායේ අණදෙන නිලධාරි රොබට් බ්රොව්ඩි පවසනවා. මෙම ප්‍රහාර මගින් රුසියාවේ ඉන්ධන සැපයුම් ජාලය අඩපණ කිරීම සහ ක්රිමියාවට යන සැපයුම් මාර්ග අවහිර කිරීම යුක්රේනයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් විනාශ වූ බොහෝ නෞකා රුසියාවේ රහසිගත තෙල් ප්‍රවාහන නෞකා බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කෙර්ච් වරාය ආශ්‍රිතව තිබූ ඉන්ධන නෞකා රැසක් මෙම ප්‍රහාරවලින් දැඩි ලෙස හානියට පත්ව තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූපවලින් පවා මෙම නෞකා ගිනිගන්නා අයුරු සහ කළු දුමාරය පිටවන අයුරු පැහැදිලිව දැකගන්න පුළුවන්. රුසියාවේ රොස්ටොව් කලාපයේ ඉන්ධන නෞකා දෙකක් ප්‍රහාරයට ලක්වීමත් සමඟ රුසියාවේ ඉන්ධන සැපයුමට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර, මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් වැනි ප්‍රදේශවල පවා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාවේ තෙල් පිරිපහදු සහ සැපයුම් මාර්ග ඉලක්ක කිරීම යුක්රේනයට එරෙහි රුසියානු ආක්රමණවලට දිය හැකි සාධාරණ පිළිතුරක් බවයි. රුසියානු ජනතාවටත් තමන්ගේ රට යුද්ධයක පැටලී සිටින බව දැනෙන්නට සැලැස්වීම මෙම උපායමාර්ගයේ අරමුණ බව ඔහු අවධාරණය කරනවා. මේ වන විටත් යුක්රේන ඩ්‍රෝන යානා භාවිතයෙන් රුසියාවේ නාවික බලය සහ සැපයුම් දාමය බිඳ දැමීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback