යුක්රේනය විසින් රුසියාවේ ගැඹුරු ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරවලින් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදුවක් සහ රුසියානු උපායමාර්ගික ගුවන් යානා රඳවා ඇති එංගල්ස් ගුවන් තොටුපළට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මේ ප්‍රහාර හඳුන්වා තිබෙන්නේ රුසියාවේ යුද කටයුතු සඳහා මුදල් සපයන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ ‘දිගු දුර සම්බාධක’ ලෙසයි. මේ ප්‍රහාර නිසා රුසියාවේ පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් රුසියානු බලධාරීන් පවසනවා.
මේ අතර රුසියාවත් ඊට ප්‍රතිචාර දක්වමින් යුක්රේනයේ වරායන් සහ ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළඳ ආයතනයක ගබඩාවකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. විශේෂයෙන්ම රුසියාවේ ‘වයිල්ඩ්බෙරිස්’ සහ යුක්රේනයේ ‘රොසෙට්කා’ වැනි දැවැන්ත අන්තර්ජාල වෙළඳ සමාගම්වල ගබඩා ඉලක්ක කර ගනිමින් දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කර ගැනීම නිසා දෙරටේම ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටි රුසියානු ඉලක්ක පවා මේ වන විට යුක්රේන ප්‍රහාරවලට ලක්වීම යුද්ධයේ තීව්‍රතාවය පෙන්නුම් කරනවා. දෙරට අතර පවතින මෙම ගැටුම් නතර කිරීමට ජාත්‍යන්තර මට්ටමින් උත්සාහ කළත්, තවමත් සාමකාමී විසඳුමකට එළඹීමට හැකි වී නැහැ.

Discussion & Feedback