රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි ප්‍රධාන පෙළේ තෙල් පර්යන්තයකට යුක්රේනය විසින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන පරිදි, රුසියාවේ යුද කටයුතු සඳහා ආදායම් උත්පාදනය කරන මෙම තෙල් පර්යන්තය රුසියාවේ ඇති විශාලතම ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. මෙම ප්‍රහාරය යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 850ක් පමණ දුරින් සිදුවී තිබෙන අතර, ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයෙන් කළු දුම් වළා නැගෙන අයුරු වීඩියෝ දර්ශනවලින් දැකගන්න පුළුවන්. ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාරවරයා පවසන්නේ නගරයට එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඉතා දැවැන්ත එකක් බවයි.
මෑත කාලයේදී යුක්රේනය රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මේ හේතුවෙන් රුසියාවේ ඉන්ධන සැපයුමට බරපතළ බලපෑම් එල්ල වී ඇති බවත්, රුසියාවේ තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාවෙන් 43%ක් පමණ අඩපණ වී ඇති බවත් යුක්රේනය ප්‍රකාශ කරනවා. මේ අතර, නැගෙනහිර යුක්රේනයේ කොස්ටියන්ටිනිව්කා නගරය රුසියාවේ පාලනයට නතු වූ බවට ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය යුක්රේන හමුදාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ භූමිය තවමත් යුක්රේන ආරක්ෂක අංශවල පාලනය යටතේ පවතින බවත්, රුසියානු හමුදා උත්සාහ කරන්නේ යුක්රේනය සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමට බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback