එංගලන්තයේ අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන නව යොවුන් දරුවන් වෙනුවෙන් අලුත්ම නීතියක් හඳුන්වා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව, මධ්යම රාත්රියේ 12 සිට අලුයම 6 දක්වා කාලය තුළ ඉන්ස්ටග්රෑම්, ටික්ටොක් සහ යූටියුබ් වැනි සමාජ මාධ්ය යෙදවුම් භාවිතය සීමා කිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මේ පියවර ගන්නේ දරුවන්ට හොඳින් නින්ද ලබාගන්නත්, අධ්යාපන කටයුතු සහ පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්නත් අවස්ථාව සලසා දීමේ අරමුණින්. කෙසේ වෙතත්, මේ වයස් කාණ්ඩයේ දරුවන්ට අවශ්ය නම් සැකසුම් වෙනස් කරලා මේ සීමාවෙන් ඉවත් වෙන්නත් අවස්ථාව තියෙනවා.
මේ අතර, සමාජ මාධ්යවල තියෙන ඇබ්බැහි කරවන සුළු ‘ඔටෝ ප්ලේ’ සහ ‘ඉන්ෆිනිට් ස්ක්රෝල්’ වැනි විශේෂාංග ඉවත් කරන්නත් රජය පියවර ගන්නවා. පසුගිය මාසයේදී අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණයට අමතරව තමයි මේ නව නීති රීති ක්රියාත්මක වෙන්නේ. මේ ව්යාපෘතිය 2027 වසරේ මුල් භාගයේදී සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කිරීමට නියමිතයි. නමුත් මේ තීරණය සම්බන්ධයෙන් තාක්ෂණික සමාගම් නම් එතරම් සතුටකින් නෙවෙයි ඉන්නේ. ඔවුන් පවසන්නේ මෙවැනි තහංචි මගින් දරුවන් වඩාත් අනාරක්ෂිත අන්තර්ජාල අවකාශයන් වෙත තල්ලු විය හැකි බවයි.

Discussion & Feedback