උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවෙනිගේ පුත්‍රයා සහ එරට හමුදාපතිවරයා වන ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා විසින් එරට ප්‍රධාන පෙළේ ස්වාධීන මාධ්‍ය ආයතන කිහිපයක් හදිසියේම වසා දැමීමට නියෝග කර තිබෙනවා. මේ වන විට ‘ඩේලි මොනිටර්’ පුවත්පත සහ NTV, ස්පාර්ක් ටීවී වැනි නාලිකා පිහිටි පරිශ්‍රයන් සන්නද්ධ හමුදා භටයන් විසින් වට කර ඇති අතර, එම ආයතනවල සේවකයන්ට ඇතුළුවීමට හෝ පිටවීමට පවා ඉඩ ලබා දී නැහැ. තමන් නිදහස් මාධ්‍ය විශ්වාස නොකරන බවත්, මාධ්‍ය ආයතන තමන්ගේ පාලනය යටතේ පැවතිය යුතු බවත් ජෙනරාල්වරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර තිබීම ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ උගන්ඩාවේ ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය නිදහස දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විපක්ෂ නායක බොබී වයින් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසනවා. වසර 40ක් තිස්සේ බලයේ සිටින ජනාධිපති මුසෙවෙනි තම පුත්‍රයාට බලය ලබා දීමට උත්සාහ කරන බවට බොහෝ දෙනා චෝදනා කරනවා. කෙසේ වෙතත්, හමුදාපතිවරයා පවසන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම මාධ්‍ය ආයතනයක් වසා දැමීමට පියාගෙන් බලය ලැබී ඇති බවයි. මේ වන විට උගන්ඩාවේ මාධ්‍ය ආයතනවලට තමන්ගේ අනුමැතියකින් තොරව නැවත විකාශන කටයුතු ආරම්භ කළ නොහැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා. මෙම ක්‍රියාව උගන්ඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසමින් එරට ජාතික විකාශකයන්ගේ සංගමය රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.

Discussion & Feedback