ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට ගත් උත්සාහය නිසා යුරෝපීය පාපන්දු සම්මේලනය (Uefa) ඔහු කෙරෙහි තබා තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. මේ හේතුව නිසා ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි ඇතුළු ප්‍රධාන තරගාවලි වර්ජනය කිරීමට පවා යුරෝපීය කණ්ඩායම් සූදානම් වන බවයි වාර්තා වෙන්නේ. බ්‍රිතාන්‍ය පාපන්දු සංගමයත් දැනටමත් ඉන්ෆැන්ටිනෝට ලබා දී තිබූ සහයෝගය ඉල්ලා අස්කරගෙන තියෙනවා.
මොරොක්කෝවේ පැවති රැස්වීමකදී ඉන්ෆැන්ටිනෝ තමන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියත්, එයින් කිසිදු වෙනසක් සිදු නොවන බවයි යුරෝපීය පාපන්දු බලධාරීන් පවසන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ පාපන්දු ක්‍රීඩාව විනාශ කරන මෙවැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග නැවත කිසිදා සිදු නොවන බවට සහතිකයක් ලැබිය යුතු බවයි. ෆිෆා ආයතනයේ ඉහළ නිලධාරීන් පවා මේ ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කර තිබුණා. ඉන්ෆැන්ටිනෝ තවදුරටත් සිය තනතුරේ රැඳී සිටියත්, ඔහු වටා සිටින පිරිසගේ සහයෝගය හැරුණු විට ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත්රයේ ඔහු කෙරෙහි ඇති විශ්වාසය බරපතල ලෙස පළුදු වී ඇති බව පැහැදිලියි. ඉදිරියේදී මේ අර්බුදය කෙලෙස විසඳේවිද යන්න ලෝක පාපන්දු ලෝලීන්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback