ලොව ප්‍රසිද්ධම රයිඩ්-හෙයිලින් සේවාවක් වන Uber ආයතනය අප්‍රිකානු කලාපයේ රටවල් දෙකක් වන නයිජීරියාවේ සහ උගන්ඩාවේ සිය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කරලා තියෙනවා. ව්‍යාපාරික කටයුතු පිළිබඳව සිදුකළ දීර්ඝ සමාලෝචනයකින් පසුව ඔවුන් මේ අමාරු තීරණය ගෙන තිබෙන්නේ. නයිජීරියාවේ ඉන්ධන මිල ඉහළ යාම සහ රියදුරන්ගෙන් අය කරන අධික කොමිස් මුදල් සම්බන්ධයෙන් දිගු කලක සිට ගැටලු පැවතුණා. විශේෂයෙන්ම නයිජීරියාවේ ඉන්ධන සහනාධාර ඉවත් කිරීමත් සමඟ ජීවන වියදම විශාල ලෙස ඉහළ යාම නිසා රියදුරන් සහ සමාගම අතර ගැටුම් නිර්මාණය වී තිබුණා. මෙම තීරණයත් සමඟ අප්‍රිකාවේ Uber සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ඊජිප්තුව, ඝානාව, කෙන්යාව සහ දකුණු අප්‍රිකාව යන රටවල පමණයි.
Uber සමාගම පවසන්නේ තමන් මෙම වෙළඳපොළවල් දෙකෙන් ඉවත් වුවත්, උප-සහරානු අප්‍රිකානු කලාපයේ අනෙකුත් රටවල සිය මෙහෙයුම් සාර්ථකව කරගෙන යන බවයි. නයිජීරියාවේ ලාගෝස් නුවර වැනි තදබදය අධික නගරවල බෝට්ටු සේවා පවා හඳුන්වා දෙමින් ඔවුන් විශාල දියුණුවක් ලබා තිබුණත්, තරගකාරී සමාගම්වල බලපෑම සහ ආර්ථික අභියෝග හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට සිදුවීම කණගාටුදායකයි. කෙසේ වෙතත්, Uber සමාගම පවසන්නේ මෙම තීරණය නිසා පීඩාවට පත්වන සේවකයන් සහ රියදුරන් වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවයි. සැප්තැම්බර් 23 වැනිදා දක්වා ඔවුන්ගේ උදව් මධ්‍යස්ථාන විවෘතව පවතින අතර, උගන්ඩාවේ කම්පාලා වැනි නගරවල ඇතිවන හිඩැස පිරවීමට Bolt සහ Faras වැනි වෙනත් සමාගම් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback