දැන් Uber Eats හරහා ආහාර ඇණවුම් කරන ඔබට ඉතා ඉක්මනින්ම ඩ්‍රෝන යානා මගින් ඒවා ලබාගන්න පුළුවන් වෙනවා. මේ සඳහා Uber සමාගම Zipline නම් ඩ්‍රෝන තාක්ෂණික සමාගම සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ 2029 වසර අවසන් වන විට දිනකට ඩ්‍රෝන යානා මිලියනයක් හරහා බෙදාහැරීම් සිදු කිරීමයි. මේ වසර අවසානයේ සිටම අමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයකදී මේ සේවාව අත්හදා බැලීමට ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
Uber සමාගම මේ ව්‍යාපෘතිය දකින්නේ ඔවුන්ගේ ව්‍යාපාරික ගමනේ තවත් විශාල පියවරක් විදියටයි. සාමාන්‍යයෙන් මිනිත්තු පහත් දහයත් අතර කාලයකදී පාරිභෝගිකයා වෙත ආහාර ලබාදීමට මේ ඩ්‍රෝන යානාවලට හැකියාව තියෙනවා. Uber ප්‍රධාන විධායක නිලධාරී දාරා කොස්රෝෂාහි පවසන පරිදි, මේ වේගවත් බෙදාහැරීමේ ක්‍රමය ඉදිරියේදී Uber Eats හි වර්ධනයට විශාල පිටුවහලක් වේවි. දැනටමත් ස්වයංක්‍රීය වාහන සහ රොබෝ තාක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරලා තියෙන Uber, මේ ඩ්‍රෝන තාක්ෂණය හරහා බෙදාහැරීමේ ක්ෂේත්රයේ නව පෙරළියක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
Zipline සමාගම මේ වන විටත් අමෙරිකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන ආයතනයක්. ඔවුන්ගේ මේ නව හවුල්කාරිත්වය නිසා ඕනෑම දෙයක් කෙටි පණිවිඩයක් යවන තරම් පහසුවෙන් සහ වේගයෙන් ලබාගන්න පුළුවන් ලෝකයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. කෙසේ වෙතත්, මේ සේවාව හරහා අනාගතයේදී අපේ එදිනෙදා ජීවිතයේ ආහාර ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback