එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර රැසක් ගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ මෙවැනි ආකාරයේ මිසයිල අනතුරු ඇඟවීමක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ජංගම දුරකථන හරහා හදිසි පණිවිඩයක් යවමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගොස් රැඳී සිටින ලෙසයි. “පවතින තත්ත්වය සහ මිසයිල ප්රහාරයක අවදානම හේතුවෙන්, ඔබ සිටින ස්ථානයට ආසන්නතම ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත ගොස් ආරක්ෂා වන්න” යනුවෙන් එම පණිවිඩයේ සඳහන් වෙනවා. මේ වන විට එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ තර්ජනය නිරීක්ෂණය කරමින් පවතින අතර, තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටිනවා.
මේ සිදුවීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව දැඩි අවධානයෙන් පසුවන අතර, ආරක්ෂක අංශ විසින් නිකුත් කරන උපදෙස් නිවැරදිව පිළිපදින ලෙස බලධාරීන් නැවත නැවතත් සිහිපත් කරනවා. ඉදිරියේදී සිදුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට එරට ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර, ජනතාව කලබල නොවී ආරක්ෂිතව සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

Discussion & Feedback